ගන්දර පොලිස් වසමෙහි අක්කර 18 ප්රදේශයේදී තියුණු ආයුධයකින් කපා තුවාල ලැබූ දරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
ඊයේ (09) රාත්රී කාලයේ ඇති වූ ගැටුමක් හේතුවෙන්, මියගොස් ඇත්තේ අවුරුදු 16ක් වූ දෙවිනුවර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු සහ තවත් පිරිසක් අතර කලක සිට පැවති ආරවුලක් දුරදිග යාම මෙම ඝාතනයට මුල් වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලීසියට ලද තොරතුරකට අනුව මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගන්දර පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.


