ඊයේ (12) සවස කොකේන් මත්ද්රව්ය කිලෝග්රෑම් 01 ග්රෑම් 49ක් සමඟ සමඟ විදෙස් ජාතික සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොලඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොල්ලුපිටියේ හෝටලයක් තුළ හා සුපිරි වෙළෙඳසැල් සංකීර්ණයක් තුළ සිදුකරන ලද මෙහෙයුමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරුවන් අවුරුදු 23 හා 48 වයස්වල හා සැකකාරියන් අවුරුදු 43 හා 52 වයස්වල පසුවන ජැමෙයිකානු ජාතිකයින් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


