ඊයේ (12) අම්බලන්ගොඩ, කුළීගොඩ ප්රදේශයේදී අයිස් කිලෝ 2ක් සහ කුෂ් මත්ද්රව්ය සමඟ පුද්ගලයෙකු ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32ක් වන කුළීගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත නිවසක් සෝදිසි කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුව ගැනීම සිදු කර ඇත.
එහිදී අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 02 ග්රෑම් 140ක්, කුෂ් ග්රෑම් 510ක්, මත්ද්රව්ය කිරා මැන බැලීමට යොදාගත් තරාදියක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


