වත්තල, මාබෝල ප්‍රදේශයේදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 229ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 264ක්, මත්ද්‍රව්‍ය කිරා මැන බැලීම සඳහා යොදාගත් තරාදියක් සහ ජංගම දුරකථනයක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරන ලදි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


