පිස්තෝල අවියක්, 9mm වර්ගයේ පතරොම් 10ක් පුරවන ලද පතරොම් ගැබක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 300ක් සමග සැකකරුවෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුව ඇත.
කොලොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු, ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.


