මාන්කුලම් පොලිස් වසමේ පනිච්චම්කුලම ප්රදේශයේ අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
ඊයෙ (24) අළුයම පනිච්චම්කුලම ප්රදේශයේ නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවළකට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර ඇති අතර, ඔවුන් මාන්කුලම් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මියගොස් ඇත්තේ, පනිච්චම්කුලම, මාන්කුලම් ප්රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් සහ 70 හැවිරිදි වියේ පසුවූ පිරිමි පුද්ගලයෙකි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාන්කුලම් පොලිසිය විසින් සිදු කරනු ලැබේ.


