රුපියල් කෝටි 30 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 11ක් සහ අයිස් කිලෝග්‍රෑම් 6ක් සන්තකයේ තබා ගෙන සිටි අඹුසැමි යුවළක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත.
පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ වැටලීමකට අනුව මෙම සැකකරුවන් තිදෙනා සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලැබේ.


