අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21 ග්‍රෑම් 810 ක් සන්තකයේ තබාගෙන සිටි පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන ඇත.
මාතර වල්ගම නිවසක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ට අමතරව, ජාවාරමින් උපයා ගත් ලක්ෂ 5ක මුදලක්, මෝටර් රථයක්, යතුරු පැදියක්, ජංගම දුරකථන 3ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාතර දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලැබේ.


