අද (11) අලුයම දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ අත්බෝම්බ ප්රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.
ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල්ගත කිරීමෙන් අනතුරුව දරුවන් දෙදෙනා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරන ලදි.
මියගොස් ඇත්තේ දෙහිවල ප්රදේශයේ පදිංචි අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකි.
තුවාල ලබා ඇත්තේ මියගිය දරුවන් දෙදෙනාගේ 55 හැවිරිදි පියා බව සඳහන් වේ.
මියගිය දරුවන්ගේ මෘත ශරීර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිද්ධියට අදාළව ප්රහාරයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


