ඊයේ (31) රාත්‍රියේ පයාගල, නයිමුල්ල පඹය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ”පානදුර නිලංග” නැමැත්තාගේ මස්සිනා වන ”ඩිලා” නමැති පුද්ගලයෙකි.
පොලිසිය සඳහන් කරන්නේ ස්වයංක්‍රීය ගිනිඅවියක් භාවිත කරමින් මීට සුළු මොහොතකට පෙර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් ”කුඩු සලිඳු”ගේ පාර්ශ්වය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට දැනට තොරතුරු වාර්තා වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


