ජපානයේ චිබා ප්‍රාන්තයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනය කර ඇත.
මෙලෙස ඝාතනය වී ඇත්තේ, එරට අධ්‍යාපනය ලබමින් සිටි 21 වියෙහි පසුවූ තරුණයෙකි.
ඝාතනයට ලක්වූ තරුණයා සහ ඔහුගේ ලැගුම්හලේ සිටි තරුණයෙකු සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමත් සමග අනෙක් තරුණයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව එරට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකාර 18 හැවිරිදි තරුණයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී තමාට මෙන්ම තම මවට සිදුකළ අපහසකිරීම් නිසා ඇති වූ කෝපය පාලනය කරගත නොහැකිව මෙම ඝාතනය සිදුකර ඇති බව පාපොච්චාරණය පළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ..


