ඊයේ (04) රාත්රියේ කඩවත, ඉහළ බියන්විල ප්රදේශයේදී සිදු වූ තියුණු ආයුධයකින් පහර දීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 54ක් වූ කඩවත ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා ඔහුගේ සහෝදරයෙකුගේ උපන්දින සාදයකට සහභාගි වී ඇති අතර එහිදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදු ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කඩවත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.


