ඊයේ (10) රාත්‍රියේ බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේදී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.
ඒ අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 80ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 24ක් සමඟ වේරහැර, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරු විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධවී මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බවට අනාවරණය වන වී ඇති අතර බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


