හොරණ, අරඹකන්ද ප්රදේශයේදී බිරිඳක විසින් තියුණු ආයුධයකින් පහරදී සැමියාව ඝාතනය කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වූ හොරණ, අරඹකන්ද ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා සහ බිරිඳ අතර නිවසේ දී ඇතිවූ ආරවුලක් අතරතුර බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
මෘත ශරීරය මහේස්ත්රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර හොරණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.


