සහස්පුර, හල්ගහවත්ත ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහස්පුර පොලීසිය විසින් ඊයේ (5) අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් ජුනි 3වැනිදා අලුයම මෙම ඝාතනය සිදුකර තිබූ අතර, එම අපරාධය සම්බන්ධයෙන් සහස්පුර පොලීසිය සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇත.
සහස්පුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් මාදම්පිටිය ප්රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අවුරුදු 21 හා 23 වයස්වල පසුවන බොරැල්ල ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.
සහස්පුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


