පසුගිය 12 වෙනිදා ගාල්ල පොලිස් වසමේ දංගෙදර ප්රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
31 හැවිරිදි අලව්ව ප්රදේශයේ පදිංචිකරුවෙකු ඊයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.


