ඊයේ (20) මඩකලපුව, වව්නතිව් පොලිස් බලප්‍රදේශයට අයත් කොත්තියාපුලෙයි ප්‍රදේශයේදී පැහැරගනු ලැබූ කාන්තාවක්, නෙල්ලිකාඩු ප්‍රදේශයේ වෙල්යායක පිහිටි පොදු ළිඳක අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී බේරාගෙන තිබේ.
එමෙන්ම එම ළිඳ තුළම තිබී තවත් කාන්තා මළසිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
එම පොදු ළිඳ තුළින් කාන්තාවගේ විලාප හඬක් ඇසී ඇති අතර ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව සොයා බැලීමේදී අදාළ කාන්තාව දියේ ගිලෙමින් සිට ඇති බව දැක ඇති අතර පසුව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව ඇයව බේරාගෙන ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම කාන්තාව කොත්තියාපුලෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මුරුගමූර්ති රනුජා නම් අයෙකු බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
ඊයේ ඇය සිය දියණිය සමඟ යමින් සිටියදී පිරිසක් විසින් ඇයව පැහැරගෙන ඇති අතර ඇයගේ දියණියව විසි කර දමා, රනුජාට පහර දී මෙම ළිඳට දමා ඇති බවට ද තොරතුරු හෙළි වී ඇත.
මේ අතර ඇය විසින් ලබාදුන් තොරතුරු මත එම ළිඳේම තිබී තවත් මළසිරුරක් සොයා ගෙන තිබේ.
පොලීසිය සැක පළ කරන්නේ සොයා ගත් මෙම මළසිරුර පසුගිය මාසයේ වෙල්ලාවෙලි පොලිස් බලප්‍රදේශයේ නාර්පතුවට්ටෙයි ප්‍රදේශයේදී අතුරුදන් වූ කාන්තාවකගේ විය හැකි බවටය.
සිද්ධිය වූ ස්ථානයේ තිබූ පාවහන් මගින් ඥාතීන් ඇයව හඳුනාගෙන ඇති නමුත්, විධිමත් මරණ පරීක්ෂණයකින් සහ DNA පරීක්ෂණයකින් පසුව අනන්‍යතාව තහවුරු කරන බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

