පසුගිය (7) වන දින කොටහේන පොලිස් වසමේදී කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.
එම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සිදුකරගෙන යන විමර්ශනයට අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (19) හසලක, කොලොන්ගොඩ ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී වෙඩික්කරුව අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී වෙඩික්කරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 300ක් සොයා ගෙන ඇත.
සැකකරු කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 39ක පුද්ගලයෙකි.
සැකකරුව පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

