ඊයේ (18) පස්වරුවේ තංගල්ල උණාකූරුව ප්රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ පස්වරු 6.55ට පමණ තංගල්ල උණාකූරුව ප්රදේශයේ කපුහේන හන්දිය ප්රදේශයේ වෙළදසැලකදී නානදුන පුද්ගලයෙකු විසින් මි.මි. 09 වර්ගයේ ගිණි අවියකින් සිදුකල මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 68 සහ 59 වියෙහි පසුවන අඹුසැමි යුවලක් ඝාතනයට ලක්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ පසික්කු හැන්දනිගේ පුෂ්පා (වයස 58) සහ දුවානහැන්දනිගේ විජිතදාස (වයස 68) නැමැති අඹුසැමි යුවලකි.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උණාකූරුවේ ශාන්ත නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ නැන්දා සහ මාමා වන බවට හදුනාගෙන ඇති බවට අනාවරණය වේ.

