සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටීගේ‘ ගෝලයන් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු තොගයක්, ජාවාරම් මුදල් ලක්ෂ 26ක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 2ක් සමඟ අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඌරගස්මන්හන්දිය සහ ඉඳුරුව ප්රදේශයේ පදිංචි 24 සහ 27 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
”ඉවත්වනු” මෙහෙයුම යටතේ ජංගම සංචාරයේ නියැලී පොලිස් කණ්ඩායම අලුත්ගම ප්රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ඊසි කෑෂ් ක්රමයට මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර බැංකු වාර්තා, දුරකථන වාර්තා ලබාගෙන වැඩිදුරටත් විමර්ශන ක්රියාත්මක කරන බවද පොලීසිය විසින් සඳහන් කරන ලදි.
සැකකරුවන් කළුතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.
අලුත්ගම පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

