ඊයේ (30) පස්වරුවේ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් කිලෝග්‍රෑම් 2ක් නිවසක තිබී සොයාගෙන ඇති අතර අනෙක් කිලෝව සොයාගෙන ඇත්තේ සුඛෝපභෝගී මෝටර් රථයක ප්‍රවාහනය කරමින් සිටියදීය පානදුර හිරන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 15කට අධික බව පොලීසිය පැවසීය.
වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී උදය කුමාර මහතා සහ එහි ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් සතුව තිබී මේවන විට සේවයේ සිටින පොලිස් නිලධාරියෙකුගේ හැඳුනුම්පතක් ද සොයාගෙන තිබේ.
මොවුන් මෙම මත්ද්‍රව්‍ය තරුපන්තියේ හෝටල්වල ඇති රාත්‍රී සමාජශාලා වෙත අලෙවි කරන බවද පොලීසිය සඳහන් කරන ලදි.
මෙම ජාවාරම ඩුබායිහී සිටන පුද්ගලයෙකු විසින් මෙහෙයවා ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

