ඊයේ (14) රාත්රියේ නාවලපිටිය ප්රදේශයේදී පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නාවලපිටිය පොලිස් වසමට අයත් ගොන්දෙන්නාව ප්රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි.
බිරිඳගෙන් සහ දරුවන්ගෙන් වෙන්වී තනිවම ජීවත් වී ඇති මෙම පුද්ගලයා ඊයේ (14) රාත්රියේ නිවසේ සිටියදී ඒ අසළම පදිංචි පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවයේ නියතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සමඟ බහින්බස්වීමක් සිදුව තිබේ.
පොලිස් කොස්තාපල්වරයා තම නිවස බදු දී ඇති පුද්ගලයාගෙන් කුලී මුදල ලබාගැනීමට ඔහු පදිංචිව සිටි නිවසට පැමිණි අවස්ථාවේ ඝාතනයට ලක් වූ පුද්ගලයා සමඟ මෙලෙස බහින්බස්වීමක් සිදුව ඇති අතර එය දුරදිග යෑමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයා විසින් මියගිය පුද්ගලයාගේ හිසට පහර දී ඝාතනය කර ඇත.
පසුව මියගිය පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ කිරීමේදී එය වැළැක්වීමට පොල්ලකින් පහරදුන් බව සැකකරු පොලීසියට පාපොච්චාරණය කර තිබේ.
ඝාතනය සිදුකළ පුද්ගලයා මියගිය පුද්ගලයාගේ බිරිඳගේ සහෝදරයා වන අතර, එම කාන්තාවට වෙනත් අයෙකු විවාහ කරගැනීමට සැකකරු උදව් කිරීම හේතුවෙන් මෙම බහින්බස්වීම ඇතිව තිබේ.
සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ කොළඹ කඳවුරක සේවය කරන පොලිස් නිලධාරියෙකු බව අනාවරණය වී ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

