ඊයේ (08) රාත්‍රියේ හෝමාගම මාලපල්ල ප්‍රදේශයේ පුද්ගලයකු වෙඩි වැදී වැටී සිටින බවට ලද තොරතුරක් මත හෝමාගම පොලීසිය විමර්ශන සිදුකර වෙඩි වැදී තුවාල ලද පුද්ගලයකු සොයාගෙන ඇති අතර තුවාලකරු හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 43 වන වියේ පසු වූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකි.

වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදාගෙන ඇති බවට මෙතෙක් සිදුකල පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මෙම ඝාතනයට හේතුව සහ සැකකරුවන් පැමිණි ආකාරය පිලිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හෝමාගම පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.