හෙරොයින් ග්‍රෑම් 52 මිලිග්‍රෑම් 400ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 66 මිලිග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු, පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (19) දින අත්අඩංගුවට ගෙන ඇත.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 50 වන වියේ පසුවන සැකකරු බොරලැස්ගමුව, බෙල්ලන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බොරලැස්ගමුව පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.