හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 680ක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහරගම ප්‍රදේශයේදී මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය සමග එඬේරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

