හෙරොයින් ග්‍රෑම් 99 මිලිග්‍රෑම් 160ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ජංගම දුරකථනයක්ද සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා කතරගම කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (05) දින අත්අඩංගුවට ගෙන ඇත.
තිස්සමහාරාම, ගෝනගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 65 වන වියේ පසුවන සැකකරු වීරවිල ගඟසිරිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා කතරගම කඳවුරේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන වීරවිල පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වීරවිල පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.