හෙරොයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 300ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු, යතුරුපැදියද සමඟ පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන ඇත.
මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 37 වන වියේ පසුවන සැකකරු පිටිගල හිඹුටුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පිටිගල පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.