හෙරොයින් ග්‍රෑම් 18 මිලිග්‍රෑම් 150ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොළඔ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත.
අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 29 වන වියේ පසුවන සැකකරු අලුත්කඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කොළඔ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කෙසෙල්වත්ත පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.