හෙරොයින් ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (23) දින අත්අඩංගුවට ගෙන ඇත.
කලුබොවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 31 වන වියේ පසුවන සැකකරු කොහුවල ප්‍රතිබිම්බාරාම පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.