හෙරොයින් ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 970ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, විදේශිය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රු.338,000ක මුදලක් සමඟ කාර් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (06) දින අත්අඩංගුවට ගෙන ඇත.
උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 32 වන වියේ පසුවන සැකකරු කුරුවිට කොක්ඕවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන කුරුවිට පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කුරුවිට පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.