හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 240ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, හෙරොයින් ප්‍රවාහනයට යොදාගන්නා ලද යතුරුපැදියක් සහ රු.260,000ක මුදලක් සමග මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත.
බලබෝව ප්‍රදේශයේ පදිංචිකාරියක වන 37 වන වියේ පසුවන සැකකාරිය මිනුවන්ගොඩ එස්සැල්ල හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිනුවන්ගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.