හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 484ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු, වේයන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය (27) දින අත්අඩංගුවට ගෙන ඇත.
නයිවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 24 වන වියේ පසුවන සැකකරු නයිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
වේයන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වේයන්ගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.