හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 490ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ෂන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20) දින අත්අඩංගුවට ගෙන ඇත.
අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 34 වන වියේ පසුවන සැකකරු එම ප්‍රදේශයේ කරනු ලැබූ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ෂන කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලිසියවෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කෙසෙල්වත්ත පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.