හෙරොයින් ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රු.1,104,300ක මුදලක්, රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා රන් භාණ්ඩ, විද්‍යුත් තරාදි 2ක් සහ ජංගම දුරකථනයක් සමඟ බස්නාහිර පලාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන 24 වන වියේ පසුවන සැකකාරිය රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පලාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පලාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.