හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, වේයන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (16) දින අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පලා ගොස් ඇත.
වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන 18 වන වියේ පසුවන සැකකාරිය වේයන්ගොඩ මාරපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
වේයන්ගොඩ පොලිස් ස්ථානයේ වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර පලාගිය සැකකරු විසින් කඩුවකින් පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
සැකකාරිය සම්බන්ධයෙන් සහ පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන වේයන්ගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.