හෙරොයින් ග්‍රෑම් 11ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (01) දින අත්අඩංගුවට ගෙන ඇත.
දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 වන වියේ පසුවන සැකකරු දෙහිවල ප්‍රතිබිම්බාරාම මාවතේදී අත්අඩංගුවට ගෙන ඇත.
දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී පසුගිය 31 වන දින සැකකරු දෙහිවල ප්‍රදේශයේ නිවසකට ඇතුලු වී රු.11,738,750ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කර ඇති බවටද අනාවරණය වී ඇත. එසේ සොරකම් කරන ලද රන් භාණ්ඩ සහ මුදල් පොලිස් භාරයට ගැනීමට දෙහිවල පොලීසිය සමත්ව ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දෙහිවල පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.