හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 250ක් සහ ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු, ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන ඇත.
අකුරැස්ස සහ දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන් වන 36 සහ 48 වයස් වල පසුවන සැකකරුවන් රත්මලාන සහ දෙහිවල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත රත්මලාන සහ දෙහිවල ප්‍රදේශවල සිදුකළ වැටලීම් දෙකකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.