හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු, බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (25) දින අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පහ සහ යක්කල ප්‍රදේශවල පදිංචිකරුවන් වන 24 සහ 31 වයස් වල පසුවන සැකකරුවන් ගම්පහ කිරිඳිවිට සහ යක්කල කිරිකිත්තමුල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.