හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 800 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (07) දින අත්අඩංගුවට ගෙන ඇත.
රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන 54 වන වියේ පසුවන සැකකාරිය රාගම සිරිවර්ධන මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රාගම පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.