හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20) දින අත්අඩංගුවට ගෙන ඇත.
පන්නල, බෝපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 44 වන වියේ පසුවන සැකකරු කඳාන නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කඳාන පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.