හෙරොයින් ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 600ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (16) දින අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකාරියක වන 53 වන වියේ පසුවන සැකකාරිය ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.