හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 130ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොළඔ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 40 වන වියේ පසුවන සැකකරු ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කොළඔ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඔ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.