හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 380ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන ඇත.
මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 වන වියේ පසුවන සැකකරු ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.