අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 600 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ගොතටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය (27) දින අත්අඩංගුවට ගෙන ඇත.
කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 33 වන වියේ පසුවන සැකකරු ගොතටුව බෝපැත්ත පාලම අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
ගොතටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගොතටුව පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.