හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 340 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (16) දින අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පහ ඉඳිගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 55 වන වියේ පසුවන සැකකරු ඉඳිගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ගම්පහ පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගම්පහ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.