හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 870ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කලුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන ඇත.
අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 41 වන වියේ පසුවන සැකකරු පානදුර අලුත් පාලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කලුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කලුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.