ඊයේ (13) දින හංවැල්ල – තුන්නාන ප්රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්කකර වෙඩිතැබීමක් සිදුකර පළාගොස් ඇත.
වෙඩිතැබීමෙන් පාදයට තුවාල සිදුවූ එම පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධියෙන් තුවාල ලබාඇත්තේ 55 හැවිරිදි තුන්නාන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
තුවාලකරු හෝමාගම ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රී ශාන්ත මුදුන්කොටුව ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන දැනට ඩුබායි හි සිටින ලලිත් කන්නන්ගරගේ සමිපතමයකු බව කියන ඉරේෂ් නැමැත්තාගේ පියා බවට අනාවරණය වී ඇත.
Hiru News