පසුගිය (12) දා සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳපාර ප්රදේශයේදී පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු මන්නාපිහි තුනක්ද සමග සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (14) දින අත්අඩංගුවට ගෙන ඇත.
සීදූව ප්රදේශයේ පදිංචිකරුවන් වන 17,18,21,25,27 සහ 44 වන වයස් වල පසුවන සැකකරුවන් අද දින මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සීදූව පොලීසිය විසින් සිදුකරනු ලබයි.
Hiru News