අද (31) දින පෙරවරු 10.30 ට පමණ වෙන්නප්පුව පොලිසිය ආසන්නයේ පිහිටි වැවපාර ප්රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා තවත් පුද්ගලයෙක් මියගොස් ඇත.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියක පැමිණි පුද්ගලයෙකු අනතුරට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණිදෙදෙනාට තියුණුආයුධයකින් පහරදී වෙඩි තබා ඇති අතර එහිදී එක් අයෙක් තුවාල ලබා පළා ගොස් ඇති අතර අනෙත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී ඇත.
යතුරු පැදියෙන් පැමිණි දෙදෙනාගෙන් මියගිය තැනැත්තා මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව වෙන්නප්පුව පොලිසියේ අත්සන්කිරීමට පැමිණ ආපසු යමින් සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇත.
රිවෝල්වර වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර 2025 සැප්තැම්බර් මස 09 වැනි දින මියගිය පුද්ගලයාගේ නඩුව සම්බන්ධව අධිකරණ තීන්දුව ලැබීමට නියමිතව තිබූ බවද පොලිසිය පැවසීය