හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 826ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොස්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 27 වන දින අත්අඩංගුවට ගෙන ඇත.
ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 28 වන වියේ පසුවන සැකකරු ලෑලිහේත්තුව හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මොහු පසුගිය 17 වනදා අහුංගල්ල ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධයට සම්බන්ධ වෙඩික්කරු ලෙස ක්‍රියා කල සැකකරු බවට පොලීසිය විසින් සිදුකල වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අහුංගල්ල පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.